Official Logo
ComKin Business Support
SP CBS 6035 දරන BYD Dolphine මොටර් රථය පිළිබඳ උනන්දු නම් දිනපතා මෙම වෙබ් පිටුවට පිවිස විකිනීම පිළිබඳ තොරතුරු පරික්ෂා කළ හැකිය.
වෙබ් අඩවිය භාවිතා කරනනේ කෙසේද?

මුලින්ම මෙහි ඇති ඡායාරූප, වීඩියෝ හා හඬපට පරික්ෂා කර බලා රථයේ තත්වය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න.

මෙහි ඇති තොරතුරු සියල්ල නිවැරදි වන බව Computer Kingdom ආයතනයේ නිළධාරීන් පරික්ෂා කර බලා තහවුරු කර ඇත. එම නිසා එම ඡායාරූප හා අනෙක් තොරතුරු ඉතා නිවැරදි බවට ඔබට සහතික විය හැකිය.

දෙවනුව ඔබ මෙම මෝටර් රථය මිලදී ගැනීමට කැමති නම් ඔබ ලබා දෙන මිල ගණන සඳහන් කරන්න.

මිල ගනන සමග ඔබගේ නම සහ දුරකතන අංකය ලබා දීම අනිවාර්ය වේ. ඔබගේ දුරකතන අංකය තහවුරු කර ගැනීමට ඔබට කෙටි පණිවුඩයකින් ලබාදෙන කේතයක්  (OTP) නැවත අප වෙබ් අඩවියේ සටහන් කිරීමට අවශ්‍ය විය හැකිය. ඔබ මෙහි ලබා දෙන කිසිදු තොරතුරක් වෙනත් පාර්ශවයකට ලබා නොදෙන බවටත් වෙළඳ ප්‍රචාරණ කටයුතු සඳහා භාවිතා නොකරන බවටත් මෙම මෝටර් රථය විකිනීමෙන් පසු අපගේ සියළුම දත්ත ගබඩා වලින් ස්ථිරවම ඉවත් කරන බවටත් Computer Kingdom ආයතනය සහතික වෙයි. දත්ත භාවතය පිළිබඳ ප්‍රතිපත්තිය.

ඔබ කැමති නම් පහතින් ඇති බොත්තම ආදාරයෙන් ඔබගේ යහළුවකුට මෙම මෝටර් රථය විකිනීම පිළිබඳ දැනුම් දිය හැකිය.

එහිදී ඔබට වටිස්ඇප් පණිවිඩයක් ලෙස එම දැනුම් දීම සිදු කළ හැකිය. මෙම දැනුම් දීම සඳහා වැය වන සියළු වියදම් Computer Kingdom ආයතනය විසින් දරනු ඇත.

WhatsApp හරහා යහළුවකුට මෙම පිටුව යවන්න
මොටර් රථය පිළිබඳ විස්තර
සවිශේෂී කරුණු
නිශ්පාදිත වර්ශය 2025
ඉතා අඩු ධාවන දුර
2026-08-07 දිනට 21,529Km
3M කාපට් දමා ඇත.
මිල දී ගන්නා අයට නිවසේ සවි කළ යුතු චාජරය නොමිලේ සවි කර දෙනු ලැබේ.
ලියාපදිංචිය
2025 දෙසැම්බර් මාසයේ ලියාපදිංචි කර ඇති අතර මුල් හිමිකරුගේ අයිතිය.
ලීසිං හෝ වෙනත් ණය
ලීසින් නොමැති අතර සපීඩ් ඩ්‍රාෆ්ට් එකක් ඇත. එය අවසන් කර ලබා දිය හැකිය.
නීතිමය ගැටළු
වාහනය හා සම්බන්ධ කිසිම නීතිමය කටයුතකට යොමු වී නැත. (රිය අනතුරු වැනි )
අතතුරු හා අළුත් වැඩියා
වාහනය මිල දී ගෙන පළමු සතියේදීම 2025-12-22 දින රාත්‍රියේදී මගේම නිවසේ ගේට්ටුවේ වැදී Front Buffer, Left Fender, Left Head Light හානි වූ අතර එය Brand New Parts යොදා ජෝන් කීල්ස් වත්තල අළුත් වැඩියා මධ්‍යස්ථානයේදී අළුත් වැඩියා කොට ඇත. දරුණ අනතුරක් නොවන අතර අලුත්වැඩියාව සඳහා ලැබුනු දනය වන 2026-06-22 දක්වාම මා වාහනය භාවිතා කරන ලදී. අලුත්වැඩියාවට අදාල 509000 ක පමණ මුදල සම්පූර්ණයෙන්ම රක්ෂන ආයතනය විසින් ගෙවන ලදී.
තිබෙන ප්‍රදේශය
ගාල්ල බද්දෙගම. Google Map Location
වෙනත් කරුණු
JKCG Auto සමාගමෙහි වගකීම (Warranty) එක යටතේ ඇත. සියළු සේවා කිරීම් හා අළුත්වැඩියාවන් එම සමාගමෙන්ම පමණක් සිදු කර ඇත. සියළු සේවා කිරීම් නිසි අයුරින් සිදු කර ඇත.

NFC කාඩ් එක ඉතා කැළෑබද ප්‍රදේශයක වැටීමෙන් අස්ථානගත වී ඇති අතර අවශ්‍ය නම් ගැනුම්කරුට JKCG හරහා නව කාඩ්පතක් සකස් කර දිය හැකිය.

ඉතාම නරක ධාවන තත්ත්වයන් යටතේ කොළඹ අවට එක් ආරෝපණයකින් විදුලි කෝෂ සම්මත තත්ත්වයන් යටතේ 280Km ධාවනය කළ හැකිය. (දිවා කාලයේ පැය 12ක් පමණ නොකඩවා වායු සමීකරණ යන්ත්‍ර භාවිතා කරමින්) සාමාන්‍ය ධාවන තත්ත්ව යටතේ 80KM/h වේග සීමාව තුළ 380Km පමණ ධාවනය කළ හැකිය.

නිවසේදී විදුලි කෝෂ සම්පූර්ණයෙන්ම ආරෝපණය කිරීමට පැය 10ක් පමණද 60KW අධිබල චාජරයකින් විනාඩි 30ක් තුළ විදුලි කෝෂ 20% සිට 80% පමණ දක්වා ආරෝපණය කළ හැකිය.

මා හට කිසි අවස්ථාවක ආරෝපණ මධ්‍යස්ථාන සොයා ගත නොහැකි වීමෙන් ගැටලු ඇති වී නැත. දැනට ගාල්ල සිට කතරගම, නුවර, කටුනායක, කුරුණෑගල යන දුර ප්‍රදේශ වල ධාවනය කර ඇත.

ඔබ වාහනය මිල දී ගැනීමට තීරණය කළ හොත් ඔබ රැගෙන එන සිම් පත වාහනයට දැමීම, ජංගම දුරකථන යෙදවුම දුරකථනයට ඇතුළත් කොට සම්බන්ධ කර දීම, ඔබගේ ඊමේල් ලිපිනයකට වාහනයේ ඇන්ඩ්‍රොයිඩ් පද්ධතිය සම්බන්ධ කර දීම ආදිය සිදු කර දිය හැකිය.
ඉතා වැදගත්
අනතුර කොහොම එකක්ද? ලක්ෂ 5ක් යන්න සෑහෙන ඩැමේජ් ඇති නේද?, ඔයාල ඉස්පිටිතාලෙත් හිටියද වගේ දහදාහක් ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරිම තැන මම අමාරුවෙන් හොයල අතතුර් පින්තූරත් කිහිපයක් දැම්ම.

ලක්ෂ 5ක් ගියේ මේක ලක්සරි වාහනයක් නිසා මිසක් මහා අනතුරක් නිසා නෙවෙයි. වාහනය හයියද අහන අය බලාගන්න ඡායාරූපයේ තියනව වාහනය හීරුනු තරම සහ ගේට්ටුව කඩාගෙන ගිහින් ගේට්ටුව උඩ නැවතිලා තියන විදිය.
ඡායාරූප එකතුව
වීඩියෝ ලයිස්තුව
හඬ පටිගත කිරීම්
මිල ගණන් ලබා දීම
අයිතිකරු යෝජනා කරන මුදල:
11,000,000/=
තබා ඇති වැඩිම ලන්සු දෙක:
10,300,000/=
සහ
10,285,000/=
ඔබගේ නම ඇතුලත් කරන්න
අංක දහයකින් යුත් දුරකතන අංකය ඇතුලත් කරන්න
අංක දහයකින් යුත් වට්ස්ඇප් අංකය ඇතුලත් කරන්න
නිවැරදි ඊමේල් ලිපිනය ඇතුලත් කරන්න
කරුණා කර ලන්සුව සටහන් කරන්න.